බන්ධනාගාර නියාමකවරයෙකුට පිහි ප්රහාරයක්
බදුල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙකු පිහි ඇනුමකින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව ඇල්ල පොලීසිය පවසනවා.
ඊයේ රාත්රියේ ඇල්ල මධුරගම ප්රදේශයේදී මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, මින් තුවාල ලබා ඇත්තේ බදුල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවයේ නියුතු ඇල්ල පස්සර පාරේ 5කණුව ප්රදේශයේ පදිංචි 43හැවිරිදි පුද්ගලයෙක්.
පිහි ඇනුම සිදුකල පුද්ගලයා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර මෙම පිහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරු සොයා ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.