බන්ධනාගාර තදබදය නැති කරන්න රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සියේ තබන්න නව නිතී එයි

බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. පසුගිය දා නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේපැවති මාධ්‍ය හමුවකදී  අමාත්‍යවරයා මේ බව කීවේය. අපේ බන්ධනාගාරවල ඉඩ  තිබෙන්නේ 10500ක ටයි.  ඒ්ත් අද වන විට 39000ක් එහි සිටිනවා. ගැටලුව වී තිබෙන්නේ වැරදිකරුවන් වී සිටින දස දහසක අය නොවේ. වැරදිකරුවන් නොවී සිටින 28000ක පිරිසයි. එයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය විසි දහසක් පමණ සිටිනවා. ඒ් නිසා අලුතින් පනතක් ගෙනෙන්නට අප කටයුතු කරනවා. රිමාන්ඩ්  වෙනුවට නිවාස අඩස්සියේ තැබීම එහි අරමුණයි. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරනවා. එසේ  කලහොත් බන්ධනාගාර වල සෙනඟ අඩු කිරීමට  අවසථාව ලැබෙනවා යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Share This