බද්දේගම උප සභාපතිට පහරදුන් සජබ අපේක්ෂකයා රිමාන්ඩ්

(හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්)
බද්දේගම ප්‍රාදේශීය සභාව් උප සභාපතිට පහරදුන් සජබ අපේක්ෂකයා දින 4කට පසුව පොලීසියට භාරවෙයි, ලබන 31 දක්වා රිමාන්ඩ්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට පහර දුන්නේ යැයි කියන සජබ අපේක්ෂක හොරගම්පිට ගමගේ විජය කුමාර නමැති අය නීතිඥයකු මාර්ගයෙන් 29දා පෝද්දල පොලීසියට භාරවිය. අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
සමන් සී. ලියනගේ මහතා මැර ප්‍රහාරයකට ලක්ව ඉකුත් 24දා සිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගන්නා ලදී.
ඉකුත් (24) ඔහුට පහරදීම සිදුකර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවට, පහළ කීඹිය කොට්ඨාසයෙන් තරග කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී සැකකරු විසින් උප සභාපතිවරයාට දෙවරක් පහර දී තිබූ අතර ඉන්පසු යතුරුපැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි උප සභාපතිවරයා පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත සැකකරු විසින් පහර දී තිබුණි.
මේ පිළිබඳ උප සභාපති සමන් සී. ලියනගේ පෝද්දල පොලිසියට පැමිණිලි කළ අතර දින 05ක් තිස්සේ සැකකරු සැඟව සිටියේය.
මාධ්‍යවේදියකු වන සී. ලියනගේ සමසමාජ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ද වෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බද්දේගම ප්‍රාදේශීය සභාවට සම සමාජ සහ කොමියුනිස්ට් ඒකාබද්ධ කණ්ඩායමෙන් තරඟ කළ අතර ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගයට සහාය ලබාදුන්නේය.
