බඩල්කුඹුරේ දෙදෙනෙක් අයිස් සමග අත්අඩංගුවට

බඩල්කුඹුරේ දෙදෙනෙක් අයිස් සමග අත්අඩංගුවට

-ළහිරු ගුණතිලක මොනරාගල-
මොනරාගල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් (24දා) බඩල්කුඹුර පොලිස් වසමේ සිදුකළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
බඩල්කුඹුර කරදවත්ත මාර්ගයේ ලැඟු‍ම්හලක සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බඩල්කුඹුර බස් නැවතුම්පොළ ඉදිරිපිට පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයකු අයිස් මිලිග්‍රෑම් 2,800 සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලද මුදල් රුපියල් ‘හැත්තෑ තුන්දහසක්ද,
කරදවත්ත මාර්ගයේ ලැගුම්හල අසල සිදුකළ තවත් වැටලීමකදී අයිස් මිලිග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි බඩල්කුඹුර මඩමගම පන්සල අසල පදිංචි 31 හැවිරිදි අයකුද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බඩල්කුඹුර පොලීසියට භාරදී ඇත.
මොනරාගල පොලිස් කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ උ.පො.ප. යූ.එන්. චමින්ද, පොලිස් සැරයන්වරුන් වන ජයරත්න (8502), බාලසිංහ (13662), අජිත් (72341) යන මහත්වරුන් මෙම වැටලීම් සිදුකර තිබේ.

Share This