බංග්ලාදේශයේ අලි ඇතුන් අනතුරේ

මෑතකදී සිට බංග්ලාදේශය පුරා වසරකට විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් මියයන බව අනාවරණය වී තිබේ.
ඉන් පැහැදිලි වන්නේ වසර ගණනාවක් තිස්සේ වනජීවී සංරක්ෂණ ක්‍රියාමාර්ග කිහිපයක් සැලසුම් කර ඉටු කළද බංග්ලාදේශය තවමත් එහි අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී සාර්ථකත්වයක් අත්කර ගෙන නොමැති බවයි.
බොහෝ දුරට මෙම සතුන් මිය යන්නේ මිනිසුන් සමඟ ඇති වන ගැටුම් හේතුවෙනි. මෑතකදී චුනාටි වනජීවී අභයභූමියේ දුම්රිය මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී අලි පැටවෙකු මිය යාම සහ චිතගොං හි කොරියානු අපනයන සැකසුම් කලාපයේ මිනිසුන් දෙදෙනෙකු මිය යාම එවැනි ගැටුම් රැසකට උදාහරණ වේ.
මේවාට අමතරව රටේ ඊසානදිග අලි වාසස්ථාන වන ජමාල්පූර්, ෂර්පූර්, මයිමෙන්සි සහ නෙට්රොකෝනා දිස්ත්‍රික්කවල මිනිසුන් සහ අලි ඇතුන් මරණයට හේතු වන ගැටුම් ද සුලභ වේ.
බංග්ලාදේශය වර්ග කිලෝමීටර් 1,518 (වර්ග සැතපුම් 586) ආවරණය වන වනාන්තර පරාසයන් 44 ක සහ ඔවුන්ගේ වාසස්ථාන තුළ අලි කොරිඩෝ 12 ක අලි ඇතුන් සිටින බව වාර්තා කර ඇත. අලි මාර්ග යනු මෙම සතුන් තම ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා දිනපතා භාවිතා කරන මාර්ග වේ. කොරිඩෝ යනු අලි ඇතුන් එක් වාසස්ථානයකින් තවත් වාසස්ථානයකට ගමන් කරන ස්ථාන වේ.
2016 වන විට බංග්ලාදේශයේ ජීවත් වන අලි සංඛ්‍යාව 268 ක් පමණක් බව හඳුනාගෙන තිබුණි. මේවන විට ඔවුන් රට තුළ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. රට තුළ ජීවත්වන අලි ඇතුන්ට අමතරව සමහරක් අසල්වැසි ඉන්දියාවෙන් සහ මියන්මාරයෙන් බංග්ලාදේශයේ වනාන්තරවලට නිතර ඇතුළු වේ.
සඳුනි තිලකරත්න