බංගලාදේශය ඉතා අසීරු අඩියක: ජයග්‍රහණයට තවත් ලකුණු 225ක් පිටුපසින්
බටහිර ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගැනීම සඳහා සංචාරක බංගලාදේශ කණ්ඩායමට තවත් ලකුණු 225ක් ලබා ගත යුතු වනවා.
ජයග්‍රහණය සඳහා ලකුණු 334ක ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම සිව් වන දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 07ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 109ක්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවි ලකුණු 450ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමටයි කටයුතු කළේ.
එහිදී ජස්ටිස් ග්‍රේවර් නොදැවි ලකුණු 115ක්, මික්ලී ලොයිස් ලකුණු 97ක් සහ ඇලික් අතැන්ස් ලකුණු 90ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී හසන් මහමුද් කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.
කොදෙව් පළමු ඉනිමට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායම කඩුලු 09ක් දැවි ලකුණු 269ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
එහිදී ජකෙර් අලී ලකුණු 53ක් සහ මොමිනුල් හක් ලකුණු 50ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.
බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 181ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ආරම්භ කල බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
එහිදී ඇලික් අතැන්ස් ලකුණු 42ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී ටස්කින් අහමඩ් දවාගත් කඩුලු සංඛ්‍යාව 06ක්.
ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා බංගලාදේශයට ලකුණු 334ක ඉලක්කයක් හිමි වුණා. අද තරගයේ පස්වන සහ අවසන් දිනයයි.