පෝෂණ ඌනතා සහිත දරුවන් ගණන ඉහළට

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1,173,583ක් අතරින් වයසට ගැලපෙන බර නොදරන දරුවන් 188,714ක් පමණ ද උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් දස දහසක් පමණ ද, මධ්‍යස්ථ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 90,789ක්ද සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කළ නවතම 2025 පෝෂණ වාර්තාව පදනම් කොට ඔහු මේ බව සඳහන් කළේය.
එම වාර්තාවට අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් නියමිත උස නොදරන දරුවන් 118,658ක්ද, උසට ගැලපෙන බර නොදරන දරුවන් 100,938 දෙනෙකුද සිටී.
වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් ත්දහසකට ආසන්න ප්‍රමාණයක් වයසට ගැලපෙන බර ට වඩා වැඩි බර ප්‍රමාණයක් දරන බවද එම වාර්තාවට අනුව පැහැදිලි වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
හඳුනා ගන්නා ලද මෙම මන්දපෝෂණ අර්බුදවලින් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතා වැඩපිළිවෙළක් යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩසටහන් සම්පාදනයට රජයේ අවධානය යොමු යුතු බවද ඔහු පවසයි.
නුවරඑළිය අනුරාධපුරය මහනුවර මඩකලපුව ත්‍රිකුණාමලය සම්බන්තොට ගාල්ල මාතර මොණරාගල කළුතර ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම පෝෂණ අර්බුදවලින් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින බවද ඔහු සඳහන් කළේය.