පොහොට්ටු හැරගිය තවත් පිරිසක් යළි එන්න සාකච්ඡා

(බණිදු ලෝකුරුගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ හිටපු මැති ඇමැතිවරුන් රැසක් යළි පක්ෂයට එක්වීමට සාකච්ඡා සිදුකරමින් සිටින බව එම පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.
එසේ පැමිණෙන අය සඳහා පක්ෂයේ තනතුරු ලබා දී ආසන සංවිධානය කිරීමේ වගකීමද පැවැරෙනු ඇති බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.
කළකිරීම් හා සිත් රිදවීම මත පක්ෂය හැරගිය පිරිස මෙන්ම දේශපාලන තීන්දු මත විවිධ තීරණ ගත් අයද මේ පිරිස අතර සිටින බවද එු මහතා පැවැසීය.
පක්ෂයේ කැපී පෙනෙන දේශපාලන චරිතයක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ අතර ඔහුට බෙන්තර ඇල්පිටිය සංවිධායක ධුරයට අමතරව වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු ධුරයද පිරිනැමූ බවත් ඒ මහතා පැවැසීය.
