පොහොට්ටුව හැර ගිය පක්ෂ යළි එක්වෙයිද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිට පසුව පක්ෂය හැර ගොස් සිටි දේශපාලන පක්‍ෂ කිහිපයක් යළි එකතුවීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුාවක් අද (18) කොළඹ දී පැවැත්වේ.
පොදුජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ඇතුළු පක්ෂවල නායකයන් හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමග මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතය.

Share This