පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන තාක්ෂණික කැමරා පද්ධති යෙදූ වෑන් රථ 03ක්.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය 2010.12.29 වන දින නිල වශයෙන් ආරම්භ විය.
ආරම්භයේදී කොට්ඨාසයේ රාජකාරි කටයුතු සඳහා කැමරා සවි කරන ලද වෑන් රථ 02ක් පමණක් තිබූ අතර එම වෑන් රථ මගින් රථ වාහන පාලනය, නිරීක්ෂණ රථ වාහන නඩු ලබා ගැනීම, ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමිය සහභාගි වන උත්සව අවස්තාවන් වලදී රාජකාරි යෙදවීම, උද්ඝෝෂණ, මහජන කැළඹිලි අවස්ථා, පෙළපාලි නිරීක්ෂණ රාජකාරි සඳහා යෙදවීම මෙන්ම රථ වාහන කළමණාකරණයට අදාල දත්ත රැස් කිරීම ආදී කටයුතු සඳහා යොදා ගන්නා ලදී. කාලයත් සමඟ එම වෑන් රථ රාජකාරි සඳහා යොදා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන්ට සිදු විය.
ඒ සම්බන්ධව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අවධානය යොමුවී එතුමාගේ උපදෙස් අනුව නවීන තාක්ෂණික කැමරා පද්ධති සහිත වෑන් රථ 02ක් වැඩි දියුණු කිරීමට කටයුතු කරන ලද අතර එම වෑන් රථ 02ක සහ මීට පෙර ප්‍රීමා ආයතනයේ මූල්‍යමය දායකත්වය ඇතිව නවීන තාක්ෂණික කැමරා උපකරණ යොදා සකස් කරන ලද වෑන් රථයක් නිල වශයෙන් එම කොට්ඨාසය වෙත භාරදීම 2026.02.27 දින පොලිස් මූලස්ථානයේදී සිදු විය.
පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා පොලිස් මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සමීප රූප ආවේක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී.පී ගම්ලත්, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාලන් පෙරේරා, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්.එල්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.
