පොලිස් වාර්තා ගණන් උස්සයි

පොලිස් වාර්තා ගණන් උස්සයි

(දයාසීලි ලියනගේ)
මහජනතාවට සපයන සේවාවන් සඳහා පොලිසිය අය කරන ගාස්තු වැඩි කර ඇත.
ඒ අනුව විදේශ සංචාර සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමේ දී අය කරන මුදල් රුපියල් 5000ක් දක්වා වැඩි කර ඇත.
විනාශන බලපත්‍ර සඳහා ගාස්තුව පැය 6ක් දක්වා රුපියල් 500ක් ද පැය 6 සිට 12 දක්වා රුපියල් 1000ක් ද, පැය 12කට වැඩි කාලයක් සඳහා රුපියල් 2000ක් ලෙසද නියම කර ඇත.
මැදපෙරදිග රටවල් සඳහා පොලිස් වාර්තා ලබා ගැනීමට රුපියල් 500ක මුදලක් අය කරන අතර ගෘහස්ථ කටයුතු සඳහා ස්ථානාධිපතිවරයා නිකුත් කරන වාර්තාවකට රුපියල් 300ක් අය කෙරේ.
පැමිණිලි පිටපතක් ලබා ගැනීමේ දී එක් පිටපතක් සඳහා රුපියල් 50ක් අය කරනු ලබයි.

Share This