පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට මුදල් වෙන් කෙරේ

පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට මුදල් වෙන් කෙරේ

පොලිස් නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව වෙනුවෙන් ගෙවීමට තිබුණු හිඟ දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 3000 ක් ලබාදීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මුදල් නොමැතිවීම හේතුවෙන්, මාස 03 කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදුකර නොමැති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර සිටියේ.

මෙම දීමනාව, රුපියල් 28,500 ක අවමයකට යටත්ව, සෑම පොලිස් නිලධාරීයෙකුටම ලබාදීමට නියමිතයි.

ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරි​ය සඳහන් කරන්නේ.

Share This