පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 8000ක් ගලා ඇවිත්

(සෙනාෂ් කොළවත්ත)
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ඇතුළු මහජන ගැටලු කීමට පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට හඳුන්වා දී තිබූ වට්ස්ඇප් අංකයට පැමිණිලි 8000ක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
පොලිස්පතිවරයාගේ 0718598888 යන අංකයට මේ සා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි විමර්ශන ආරම්භ කර තිබේ.