පොල් දළඹුවෝ යළිත් පුත්තලමට රිංගති

(පුත්තලම විශේෂ)
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක පැතිර යන පොල් දළඹු වසංගතය නිසා පොල් වගාව බරපතළ ලෙස විනාශ වී යෑමට පටන් ගෙන ඇතැයි පොල් වගාකරුවෝ පවසති.
මීට පෙර මේ ආකාරයමට දළඹු වසංගතය පැතිර ගිය බවත් විවිධ දේ කළත් වසගංතය අඩු නොවූ බවත් ඔවුහු කියා සිටියහ.
පුත්තලම, මදුරන්කුලිය, මුන්දලම, කොටපිටිය, ආනමඩුව ආදී ප්‍රදේශවල මෛම වසංගතය පැතිර ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය සහ ලුණුවිල පොල් පර්යේෂණ කාර්යාලයේ නිලධාරීන් පැමිණ පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම දළඹු වසංගතයට වගා විසඳුමක් ලබා දෙන ලෙස ද පොල් වගකරුවෝ ඉල්ලා සිටිති.