පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් 10ක් කොටු

පුලියන්කුලම පොලිස් වසමේ පරසන්කුලම ප්‍රදේශයේදී ඒ ඊයේ (03) රාත්‍රී කාලයේදී පුරාවස්තු සහ යුද සමයේ වල දමා ඇති රත්‍රං ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු  හා සැකකාරියන් 03 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ  වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

කැණීම් කටයුතු සිදු කරමින් සිටි සැකකරුවන් සමග බැකෝ යන්ත්‍රයක්, කාර් රථයක් ඇතුළු කැණීම් උපකරණ එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්  පුලියන්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This