පුත්තලම ලුණු ලේවායත් වැස්සට යට වෙයි

(පුත්තලම විශේෂ)
ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම ලුණු ලේවාය සම්පූර්ණයෙන් ජලයෙන් වැසී ගොස් ඇතැයි ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන් මහතා පැවසීය.
ඉකුත් කාලයේදී ලුණු වේලා ගැනීමට නොහැකි තරමට වැස්ස පතිත වීම නිසා රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු ආනයනය සිදු කිරීමට සිදු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙවර ලුණු මෙටි්‍රක් ටොන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන ගබඩා කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
වනාතවිල්ලුව හා තවත් ස්ථාන කිහිපයක ලුණු අස්වනු නෙළා ගැනීමට වර්ෂාව බාධාවක් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.