පිලිපීනයේ දී අගමැතිනිය ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

ආසියා සංවර්ධන බැංකුවේ නිල ආරාධනයකට අනුව පිළිපීනයේ සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඒහි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ලොස් බැනෝස්හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කරන ලදී.

මෙරට වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද වැඩි දුර හරවත් සාකච්ඡාවක් කර ඇතැයිද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙන්ම  ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

Share This