පිලිපීනයට භූමිකම්පා තත්ත්වයක්

පිලිපීනයට භූමිකම්පා තත්ත්වයක්

පිලිපීනයේ ලුසොන් වෙතින් රිච්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිලිපීනයේ භූ විද්‍යා ඒජන්සියට අනුව, මෙම භූකම්පනය කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරට විහිදුණු එකක් බව සඳහන්.

මෙම කම්පන තත්ත්වය හමුවේ, හානියක් වාර්තා වී නොමැති නමුත් පසු කම්පන ඇති විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගිනිකඳු ක්‍රියාත්මක වීම් වැනි තත්ත්වයන් නිතර සිදුවන පැසිෆික් සාගරයේ පිහිටා ඇති පිලිපීනයෙන් භූමිකම්පා වාර්තා වීම සුලබය.

Share This