පියුමි හංසමාලිගේ පුතා ඇතුළු 7ක් යලි රිමාන්ඩ්

රාජගිරිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකුට පහර දුන්නේ යැයි කියන පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 20දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද දින නියෝග කළේය. බන්ධනාගාර නිලධාරීන් විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනද අගතියට පත් සාක්ෂිකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති හෙයින් හඳුනා ගැනීමේ පෙරට්ටුව කල් තබා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නිරූපණ ශිල්පිණීයක වන පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට ඉහතදී යතුරුපැදියක යමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම සිද්ධියෙන් පසු පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් මෙම විමර්ශනය සිදු කෙරේ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර මහත්මිහු පෙනී සිටියහ.

Share This