පියතුමාට පහරදීමට එරෙහිව තෙල්වත්තේදී විරෝධතාවක්

(අකිලා නදීෂානි බණ්ඩාර)
මිලාන් ප්රියදර්ශන පියතුමාට පොලිස් නිලධාරින් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය මුල් කරගෙන කටාන, බෝලවලාන ,මීගමුව දිසාවල පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් එක්ව මීගමුව තෙල්වත්ත හන්දියේ දී නිහඬ විරෝධතාවක නිරත වූහ.
ශාන්ති කුමාර් වැලිවිට පියතුමාගේ මෙහෙයවීමෙන් ඊයේ (27දා) පවත්වන ලද මෙම විරෝධතාවයේදී පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් මෙම පහරදීම හෙළා දකින වැකි සඳහන් පුවරු අතැතිව සිටියහ.
මීගමුව නගර සභා භූමියේ සිට පෙළපාලියකින් පැමිණ හලාවත කොළඹ මාර්ගයේ තෙල්වත්ත හන්දියේ දී මෙම නිහඬ විරෝධතා සිදු කළේය.
