පෑලියගොඩ අනතුරකින් තෙමස් වියැති සිඟිත්තියක් මිය යයි

පෑලියගොඩ නුවර පාරේ රෝහණ විහාරය අසල අද (17දා) පෙරවරුවේ සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මාස තුනක් වයසැති දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
කොළඹ දෙස සිට කිරිබත්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය පදික මාරුව අසල නවතා තිබූ මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇත. එහිදී ත්‍රිරෝද රථයේ රියැදුරු, මියගිය දැරියගේ මව, තව දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.