පැතුම් නිශ්ශංක 5 වැනි ස්ථානයට

පැතුම් නිශ්ශංක 5 වැනි ස්ථානයට

(ඉෂාර ගයාෂාන්)
අයි.සී.සී. විස්සයි-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වී ඇත.
ආසියානු ක්‍රිකට් කුසලානයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 5 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය. මීට පෙර පැතුම් නිශ්ශංක 7 වැනි ස්ථානයේ පසු විය.
තවද ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා ද අයි.සී.සී. විස්සයි-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.
ආසියානු ක්‍රිකට් කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වන අභිෂේක් ෂර්මා විස්සයි-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසු වෙයි.

Share This