පා.ම රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය පොලීසියට පැමිණිල්ලක්

පා.ම රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය පොලීසියට පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

යාපනය රෝහල් පාලන අධිකාරිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අර්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අනවසරයෙන් ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධාවන අයුරින් හැසිරී ඇති බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි යාපනය පොලීසිය සඳහන් කළේ.

මීට පෙරද අර්චුනා මන්ත්‍රීවරයා වෛද්‍යවරයෙකු ලෙස මන්නාරම රෝහලේ රාජකාරි කරන කාල සීමාව තුළ  එම රෝහලේ කටයුතුවලට  බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් එම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පොලීසිය වෙත පැමිණිලි කර තිබූ අතර එහිදී අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබු බව සඳහන්.

Share This