පාහියන්ගල ආනන්ද සාගර හිමියෝත් සත්‍යග්‍රහයට එක්වෙති

දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය විසින් බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සහාය දීමට පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද ඊයේ (13දා) එක්වූහ.
සත්‍යග්‍රහයට එක් වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගත යුතු බවයි.
සෑම දරුවකුටම ස්මාර්ට් ෆෝන් එකක් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අනිවාර්ය කරන බවත් එමගින් තිබෙන ප්‍රශ්න තවත් අවුල් වන බවත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා හකුලා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී 12දා මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළහ.
ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමිනි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලාගන්නා තුරුම මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවයි.
