පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට භාරදෙයි

පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට භාරදෙයි

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.

එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This