පාසලේදී සැන්විච් කෑ සිසුන් 13ක් රෝහලේ

(රක්වාන – එස්. වික්‍රමආරච්චි)
පාසල තුළ සකස් කළ සැන්විච් පාන් ආහාරයට ගැනීමෙන් පසු ඇතිවු උදරාබාධයක් හේතුවෙන් ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් දහතුන් දෙනකු ප්‍රතිකාර සදහා ඉකුත් 15 දින ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම දරුවන්ගේ දෙමාපියන් පිරිසක් කියා සිටිති.
මෙසේ රොගාතුර වී ඇත්තේ එම පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසකි. දෙමාපියන් පවසන අන්දමට එදින පාසලේ විෂය ක්‍රියාකාරකමක් ලෙස සැන්විච් පාන් සකස් කර ඒවා ආහාරයට ගෙන ඇති අතර පසුව සිසුන්ට සංකූලතා ඇති වි ඇත. පසුව දරුවන් දහතුන්දෙනෙකු සුවසැරිය ගිලන් රථ හා වෙනත් වාහන මගින් ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරිමට කටයුතු කර ඇත.
මේ පිළිබදව විද්‍යාලීයේ විදුහල්පති ජිනාල් ගුණරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම පන්තියේ දරුවකු ගෙනවිත් තිබූ ආහාර දරුවන් පිරිසක් කෑමට ගැනීමෙන් බඩේ අමාරුව සෑදී රෝගාතුරුව ඇති බවත් පාසලේ ගුරුවරුන් විසින් දරුවන් රෝහල් ගත කළ බවයි. එම ආහාර පාසල් කැන්ටිමේ ආහාර නොවන බවත් තමන් එදින වෙනත් වැඩසටහනකට සහභාගි වූ බැවින් රෝහල් ගත කර ඇති දරුවන් ගණන නොදන්නා බවයි.
සංකූලතා මතුවූ දරුවන් දහතුන්දෙනෙකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත් එම දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසු රෝහලෙන පිටව ගිය බවද රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.