පාසල් සිසුන් 749,393කට නොමිලේ පාවහන් වවුචර්

පාසල් සිසුන් 749,393කට නොමිලේ පාවහන් වවුචර්

තෝරාගත් පාසල් සිසුන් සඳහා පාවහන් යුගල ලබාදීමට අදාළ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී තිබේ
ඒ අනුව පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල්මාතාවන් සඳහා පාවහන් වවුචර් ලබා දීමට නියමිතය.
මේ යටතේ ශිෂ්‍යයන් 250කට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල්වල සිසුන් 664,000කට ශිෂ්‍යයන් 251-500ත් අතර සිටින වතු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් 53,093කට සහ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30ක සිසුන් 2300කට සහ පිරිවෙන්වල සිටින සිසුන් 30,000කට පාවහන් ලබා දීමට නියමිතය.

Share This