පාසල් සිසුන්ගේ පෝෂණයට රුපියල් බිලියන 32ක්

රජයේ පාසල් සිසුන්ගේ 2025 පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය මගින් වෙන් කර ඇත. පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ හිමි වේ.
2006 වර්ෂයේ සිට ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම පාසල් පෝෂණ වැඩසටහන සඳහා නිර්දේශ කිහිපයක් යටතේ පාසල් තෝරාගැනීම සිදුකෙරේ.
උදෑසන 7.30ත් 8.30ත් අතර ආහාර ලබා දීම සිදු කරන අතර එක් සිසුවකුගේ දෛනික ආහාර වේලක් වෙනුවෙන් රු. 110/-ක මුදලක් වෙන් වී ඇත.
ඒ අනුව සිසු දරුවන්ට වඩාත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි ගිය වසරට සාපේක්ෂව මෙම වැඩසටහනට වෙන්කරන ලද මුදල දෙගුණයක් බවට පත් කෙරුණු අතර කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නියාමනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම පෝෂදායී ආහාරවේලක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
