පාසල් දැරියන්ට බෝම්බ දාන ට්‍රම්ප්ට උදව් දීම ලැජ්ජාවක්

ඕස්ට්රේලියානු සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්රිජ්ගෙන් දැඩි විරෝධයක්
ඉරානය සමඟ පවතින යුද්ධයේදී ජනාධිපති ට්රම්ප්ගේ පාලන තන්ත්රයට ඕස්ට්රේලියානු රජය දක්වන සහයෝගය දැඩි ලෙස විවේචනය කරමින් ඕස්ට්රේලියානු ග්රීන්ස් (Greens) පක්ෂයේ සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්රිජ් (David Shoebridge) අද (2026 මාර්තු 10) එරට පාර්ලිමේන්තුවේදී සිය රජයට දැඩි ප්රහාරයක් එල්ල කළේය. “ට්රම්ප් වැනි ‘ෆැසිස්ට් යුද අපරාධකරුවෙකුට’ සහ පාසල් දැරියන්ට බෝම්බ දමන ඇමරිකාව වැනි රටකට සහය දීම ගැන ඔබ ලැජ්ජා වෙන්නේ නැද්ද?” යනුවෙන් ඔහු විමසා සිටියේය. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයේ මිනාබ් (Minab) ප්රදේශයේ දැරියන්ගේ ප්රාථමික පාසලකට එල්ල වූ ප්රහාරයෙන් 160කට අධික පිරිසක් මියයාම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
Share This