පාසල් කාලය වැඩි කළොත් දෙසැම්බරයේ වැඩ වර්ජන ලංකා ගුරු සංගමය කියයි

-ශිරාන් රණසිංහ-
පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන තීරණය නතර නොකළහොත් දෙසැම්බර් පළමු සතියේ දී දීප ව්‍යාප්තව වර්ජනයක් දියත් කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙම තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 තෙක් රජයට කල්දෙන බවත් ඉන් පසුව අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වන බවද ඒ මහතා කියා සිටී.
