පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර කාර්යාලය පොහොර තොගයක් වටලයි!
අපගේ මාතර දිස්ත්රික් කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (30) දින විමර්ශන නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කරන ලදී. එහිදී, යූරියා පොහොර වල සඳහන් නියමිත මිල මකා දමා, කූට ලෙස තොරතුරු වෙනස් කර විකිණීමට සහ විකිණීම සඳහා ඉදිරිපත් කර තිබූ ස්ථානයක් වටලනු ලැබීය.
ඒම වැටලීමේදී මිල සහ තොරතුරු වෙනස් කරන ලද කිලෝග්රෑම් 50 යූරියා පොහොර ඇසුරුම් 179 ක් අත් අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ ඊට අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා මාතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
