පාකිස්තාන කාන්තා කණ්ඩායම දෙහිවල සත්තු වත්තට ගිහින්

පාකිස්තාන කාන්තා කණ්ඩායම දෙහිවල සත්තු වත්තට ගිහින්

(ගල්කිස්ස-, ඩී.පී.හේරත්)

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ විවේක දිනයක් වූ ඉකුත් 19 දින දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංචාරයක නිරත වීය.

එම අවස්ථාවේදී සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි ක්‍රිකට් කණ්ඩායම සත්වෝද්‍යාන බලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර විවිධ සතුන් සමග ඡායාරූප ගැනීමට හා සතුන්ට ආහාර ලබාදීමට අවස්ථාවන් උදාකර දීමට කටයුතු යොදා තිබිණ ‘

මෙහිදී ඔවුන් සතුටින් සතුන් නරඹින් සැරිසරනු දක්නට ලැබිණ .. මෙහිදී ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයේ පිරිසිදුකම ක්‍රමවත් බව හා සතුන්ට ලබා දෙන ආහාර පාන ලබාදීම පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කරනු දක්නට ලැබිය .

 

Share This