පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යයි – ලීටරයකට රු.137 දක්වා වාර්තාගත වැඩිවීමක්

පාකිස්තානය තුළ ඉන්ධන මිල ඉතා දැඩි ලෙස ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති අතර, මෙය එරට ඉතිහාසයේ වාර්තාගත වැඩිවීම් අතරින් එකක් ලෙස සැලකේ.

අලුත් සංශෝධනය අනුව,

  • පෙට්‍රල් මිල ලීටරයකට රුපියල් 137 කින් වැඩි කර ඇත.
  • ඩීසල් මිලද ලීටරයකට රුපියල් 184 කින් ඉහළ දමා ඇත.
    ඒ අනුව පාකිස්තාන රුපියල් 321ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වුණේ පාකිස්තාන රුපියල් 458ක් ලෙසය.

    පාකිස්තාන රුපියල් 335ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 184කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල පාකිස්තාන රුපියල් 520ක් ලෙස සටහන් වී ඇත.

මෙම වැඩිවීමත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, එය සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරන බව වාර්තා වේ.

Share This