ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න ! – ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජනයක්
තමන් අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවධාරණය කර තිබෙනවා.
ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ ජනවාරි 20 වැනිදා යි.
තමන් අවධාරණය කරැති පරිදි කටයුතු කිරීමට හමාස් සංවිධානය සූදානම් නොවන්නේ නම්, ඔවුන්ට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවටත් ට්‍රම්ප් තරජනය කර තිබෙනවා.
එක්සත් ජනපද මැතිවරණයෙන් ට්‍රම්ප් ලද ජයග්‍රහණයට, යුද්ධය අවසන් කිරීම සඳහා ඔහුගේ ප්‍රයත්නයන් ද හේතු වූ බව අවිවාදාත්මක ය.
ඔහු සිය දෙවන ධුර කාලය ආරම්භ වීමට පෙර, සටන් විරාමයකට එළඹීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.