ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවර දිවියට සමු දෙයි

ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවර දිවියට සමු දෙයි

ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවර මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (23) අභාවප්‍රාප්ත විය.
වේදිකා,ටෙලි නාට්‍යා හා සිනමා රංගන ශිල්පියෙක් ලෙස රසික ආදරය දිනාගත් ඒ මහතා ජූරියා,කැලණි පාලම, මැන්ඩෙලා, මැන්ඩෙලා සහ සුද්දෙක් ඔබ අමතයි ආදී වශයෙන් වේදිකා නාට්‍ය රැසකත් අකුරු මැකී නෑ.අපර්ණා, බට්ටි, ගංදෑල නිසලය, ඉසුරු පවුර,මහතල හටන ආදී ටෙලි නාට්‍ය රැසක රගපෑ දක්ෂ ප්‍රතිභාවෙන් පිරි රංගන ශිල්පියෙකි.
ජැක්සන් ඇන්තනී 1998දී අධ්‍යක්ෂ ණය කළ ජූලියට් ගේ භූමිකාවෙන් සිනමා ගමන ඇරඹූ ඒ මහතා තාරකා මල්,පරාවර්තන,ආසයි මං පියාඹන්න ආදී වශයෙන් චිත්‍රපට රැසකට දායක්ත්වය දෙමින් සිය නිසග කුසලාවෙන් මෙරට සිනමාව සුපෝෂණය කිරීමට සමත් විය.
පසුව දේශපාලනයට පිවිසි ඒ මහතා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මජතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස 2014 තේරී පත් විය.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Share This