ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවිසැරිය නිමා කරයි

(වසන්ත කුමාර)
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 81 වැනි වියෙහි පසුවූ ඒ මහතා කෙටි කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිට ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13දා) දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේදී සිදුකරන ලදී.
1944 වසරේදී උපත ලැබූ ඉක්බාල් අතාස් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයකු ලෙස සේවය කළ අතර විදේශීය පුවත් ඒජන්සි කිහිපයකද සේවය කර ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජන පවා එල්ල වී තිබුණි. මියයන විටත් ඒ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
