ප්‍රමිතියෙන් තොර ජල බෝතල් නිෂ්පාදනය කෙරූ ආයතනයකට වැඩ වරදියි
තොරතුරු වෙනස් කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මාවනැල්ල හෙන්මාතගම ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබෙනවා.
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සදහා සූදානම් කරතිබූ 500ml ජල බෝතල් 1904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාරේ ජල බෝතල් 576ක් හා ලීටර් 19 ජලබෝතල් 34ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර අදාල ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.
පාරිභෝගිකයන් නොමග යවමින් භාණ්ඩ නිෂ්පාදනය කරන මෙවැනි ආයතන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් වැටලීම් සහ විමර්ශන සිදුකරනු ලබනවා.