ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ.