ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවද  මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බව ප්‍රකාශ කරනවා.
අද (09) දින දහවල් 12:12 ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි, සහ කිරන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවද වැඩි දුරටත් සදහන් කරනවා.
Share This