පසුගිය සති අන්තයේ සංචාරකයන් 35000ක් දිවයිනට…
පසුගිය සතිඅන්තයේ මෙරටට වාර්තාගත සංචාරකයන් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. ලෝක කුසලාන තරගාවලියට සමගාමීව මෙම සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇත. පාකිස්ථානය ඉන්දියානු තරගය වර්ජනය කිරීමට සැලසුම් කර තිබුණි. නමුත් මෙරට සහ පකිස්තානු රාජත්‍රාන්ත්‍රික සාකච්චා හමුවේ තරගය ක්‍රීඩා කිරීමට ඔවුන් කැමැත්ත පල කළේය. මෙම මාසයේ මේ දක්වා සංචාරක පැමිණීම 159,339කි. ඒ අතර පසුගිය
13වන දින සිට 15 දක්වා සතිඅන්තයේ 35,000ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත. මෙම පිරිසෙන් බහුතරය ලෝක කුසලාන ඉන්දු පකිස්ථාන ක්‍රිකට් තරගය නැරැඹීම සදහා මෙරටට පැමිණිය පිරිස් විය. පෞද්ගලික ජෙට් යානා පැමිණීමත් සමග කටුනායක ගුවන් තොටුපලද කාර්යබහුල තත්වයට පත්වී තිබිණි. අගනුවර ප්‍රධාන පෙලේ සියලු හෝටල් සංචාරකයන්ගෙන් පිරී පැවතියේය.
