පස්සර රිය අනතුරක්
අනතුරින් පසු රියදුරු පළා ගිහින්
පස්සර නගරයේ දී අද (04) දහවල් ත්රිරෝද රථයක් සහ බස් රථයක් ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා.
ත්රිරෝද රථයක්, බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක වැදීමෙන් ත්රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව සඳහන්.
අනතුරට පත් ත්රීරෝද රථය බදුල්ල දෙස සිට පස්සර දෙසට ගමන් කරමින් තිබු ශ්රී ලංගම බස් රථයක් පිටුපසින් පැමිණ තිබෙනවා.
අනතුරුව නගරයේ බස්නැවතුම්පොළ ආසන්නයේ දී එක්වරම එම බස්රථයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණ ඇති බිබිල බදුල්ල පෞද්ගලික බස්රථයේ හා ශ්රී ලංගම බස්රථ දෙක අතර සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසු ත්රීරෝද රථය පැදවු රියදුරු රථය අතහැර එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන