පස්සර මැණික් පතලකට වැටුණ අයෙක් මරුට

පස්සර මැණික් පතලකට වැටුණ අයෙක් මරුට

පස්සර ආගරතැන්න දෙමළ විද්‍යාලය අසල පිහිටි අඩි 50ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලකට ඇද වැටුන පුද්ගලයෙක් බේරාගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තෙ පස්සර කෙලින් වීදියේ පදිංචිව සිටි ඒ.එම්. තරුදු දිල්රුක්ෂ නමැති තිස් නවහැවිරිදි අයෙකි.
සුනඛයන්ට කෑම දමමින් සිටියදී මොහු අනාරක්ෂිත මැණික් පතලට ඇද වැටී ඇත. ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩගෙන රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලේ දී ඔහු මියගොස් ඇත.

Share This