පස්සර නිවසක සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක් හමුවෙයි

පස්සර නිවසක සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක් හමුවෙයි

(බදුල්ල – එස්.හේරත්)
පස්සර ප්‍රදේශයේ නිවසේ දින ගණනාවකට පෙර සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයකුගේ මෘතදේහයක් 02 දින ප.ව.1.00 ට පමණ සොයා ගත් බව පස්සර පොලිසිය පවසයි.
වසා තිබූ එම නිවස තුළින් දුර්ගන්ධයක් වහනයවීම ගැන පරීක්ෂා කිරීමේදී මුළුතැන් ගෙය තුළ බිම වැටී තිබූ මෘත දේහය අසල්වාසීන් දැක පස්සර පොලිස් ස්ථානය වෙත දැනුම්දී ඇත.
මරණකරු මාඋස්සාගොල්ල, පිහිල්ලේ ගෙදර, අංක 114 ලිපිනය සහිත නිවසේ තනිව පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ ජයරත්න (අවු.65) නමැති අයෙක් බවද පොලිසිය පවසයි.
මරණකරු වැටී සිටි ස්ථානයේ සහ මෙකී නිවසට යාබද ඥාති නිවසෙහි බිත්තියකත් තවත් ස්ථාන කීපයකත් ලේ පැල්ලම් සහ සැක කළ හැකි තවත් පැල්ලම් කීපයක් නිරීක්ෂණය වන නිසා සැක සහිත මරණයක් බව පස්සර පොලිසිය පවසයි.
මෘතදේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පස්සර ප්‍රාදේශීය රෝහලේදී 03දා සිදුකරන බවත් මරණය පහරදීමකින් සිදුවූ බවට සැකකරන බවත් විමර්ශන කටයුතු සිදුකරන පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක .පියරත්න ඒකනායක මහතා පවසයි.

Share This