පවුලේ අවුලෙන් වස පානය කළ සැමියා රෝහලේ සිට නිවසට එන විට දුටු දේ

(කළුතර – එස්.එස්.තන්ත්‍රිආරච්චි)
බිරිඳ සමග අමනාපව සැමියා වස පානය කොට රෝහල් ගතව සිට එන විට බිරිඳ දියණිය සහ නිවසේ වූ මුදල් ඇතුළු වටිනා දෑ සියල්ලම රැගෙන අනියම් පෙම්වතා සමග පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පහළ නෑබඩ පදිංචි 23 හැවිරිදි අයකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තමා දියණිය සහ බිරිඳ සමග නිවසේ පදිංචිව සිටින බවත්, ඉකුත් 27 වැනිදා දහවල් 11.00 ට පමණ තමා නෑබඩ නගරයට ගොස් එන විට බිරිඳ වෙනත් අයකු සමග දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් ,ඒ පිළිබඳව සැක සිතී සිත් තැවුලෙන් තමා වස පානය කළ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමා දින හතරකට පසු 01 වැනිදා ඉන් පිටව දහවල් 11.00 ට පමණ නිවසට එනවිට බිරිඳ හා දියණය නොසිටි බවත් තම මුදල්, රන් ආභරණ සහ නිවසේ බඩු බාහිරාදියද ඩිමෝ බට්ටා ලොරියක පටවාගෙන අසල්වැසියකු සමග පිටව ගොස් ඇති බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
තමා බිරිඳගේ දුරකථනයට ඇමතුමක් ගත්තද ඇය පිළිතුරු නුදුන් බවත් තමා ගැන සොයා කලබල නොවන ලෙසට ඇය කෙටි පණිවුඩයක් ඒවා ඇති බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
තම ව්‍යාපාර කටයුතු සඳහා නිවසේ තිබූ රුපියල් 290,000/ක් සහ තවත් දේපළ රැසක් රැගෙන ගොස් ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
තෙබුවන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. දර්ශන සහ උප පොලිස් පරීක්ෂක මෙරිනෝ යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.