පලස්තීන ද්වි – රාජ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකාවත් පක්ෂ වෙයි

පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවට ශ්‍රී ලංකාව ද පක්ෂව ඡන්ද ලබා දී ඇත.
එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 142 අතර ශ්‍රී ලංකාව ද සිටී. මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දැරූ සෞදි අරාබිය සහ ප්‍රංශයට ශ්‍රී ලංකාව සිය කෘතඥතාව ද පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්මවලට සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට අනුකූලව, රාජ්‍යත්වය සඳහා පලස්තීන ජනතාවට තිබෙන අයිතිය අහිමි කළ නොහැකි බව ද ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද සඳහන් කර ඇත.