පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් අතරේ අයිස් මත්ද්‍රව්‍ය තිබුණා දැයි සැකයි

(ශිරාන් රණසිංහ)
පරික්‍ෂාවකින් තොරව මුදාහරින ලද කන්ටේනර් තුන්සිය විසිතුන අතරේ අයිස් මත්ද්‍රව්‍ය හදන රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක තිබුණේ ද යන්න රටට හෙළිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා රජයෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් වහාම අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට තොරතුරු ලැබී තිබුණේ දැයි රටට හෙළි කළ යුතු බව ද රාජපක්‍ෂ මහතා කියා සිටී.