පරණ කෝච්චි ටිකට් එකට ළගදීම ටිකට් එක හම්බවෙන හැඩ

දුම්රිය ටිකට් Online ආකාරයෙන් ලබාගැනීමේ පහසුකම CSRP ව්‍යාපෘතිය යටතේ පෙර සිටම පැවති අතර, පැරණි දුම්රිය ටිකට්පත් වෙනුවට නව ටිකට් පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සමඟ දිවයින පුරා සියලුම දුම්රිය ස්ථානවල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා .

නියමු ව්‍යාපෘතියක් ලෙස, අප්‍රේල් මාසයේ දින කිහිපයක් තුළ කැලණිවැලි මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ .

එමගින් මතුවන ගැටළු හඳුනාගෙන පළමුව මෙම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද, ඉන්පසු අනෙකුත් මාර්ගවලටද මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .

මීට අමතරව, මඟී ජනතාවට පහසුව සැලසෙන තවත් විශේෂාංග සමග මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතු බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කර තිබෙනවා .

Share This