පට්ට සද්දෙ දාගෙන කොට්ටාවේ රේස් පැද්ද යතුරුපැදි කල්ලියක් මාට්ටු

පට්ට සද්දෙ දාගෙන කොට්ටාවේ රේස් පැද්ද යතුරුපැදි කල්ලියක් මාට්ටු

(කොට්ටාව හෂාන් පුෂ්පික)
කොට්ටාව හොරණ මාර්ගයේ යතුරුපැදිවලින් රේස් පදිමින් සිටි අටදෙනෙක් අදාළ යතුරුපැදි සමඟ කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අධික ශබ්ද නගමින් ඉතා අනතුරුදායක ලෙස රේස් පදින පිරිසක් පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුමට ලැබුණු පැමිණිලි මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ, කලල්ගොඩ, රුක්මල්ගම, බ්‍රාහ්මණගම, බත්තරමුල්ල, හිරිපිටිය යන ප්‍රදේශවල පදිංචි තරුණයන් අටදෙනෙකි.
යතුරුපැදිවල කාබලේටර් සහ සයිලන්සර් වෙනස් කර තිබී ඇති අතර පැති කණ්ණාඩි ද ගලවා තිබූ බව පොලිසිය කියයි.

Share This