පකිස්තාන කරච්චි නුවර වෙඩි තැබීමක්: චීන ජාතිකයින් දෙදෙනෙකුට තුවාල
පකිස්තානයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් වන කරච්චිහිදී චීන ජාතිකයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කර ඇති බව පකිස්තාන පොලීසිය පවසනවා.
ඒ පකිස්තනයේ වෙසෙන තම පුරවැසියන්ට දැඩි ආරක්ෂාවක් ඉල්ලා චීනය පොළඹවන ලද ප්‍රහාර මාලාවකින් පසුවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වෙඩිවැදුනු චීන ජාතිකයින් දෙදෙනෙකු සිටියත් ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නැහැ.
ඔවුන් දෙදෙනාට ප්‍රතිකාර කරමින් සිටින අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.
ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත පැහැදිළි නැති අතර පසුගිය ඔක්තෝම්බර් මාසයේදී, කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් චීන ඉංජිනේරුවන් දෙදෙනෙකු මිය ගියා.