නේපාල ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ඇරඹෙයි

නේපාල ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ඇරඹෙයි

(කටුනායක – ටී.කේ.ජී.කපිල)

වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමග යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය අද (11දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසීය.
නේපාලයේ පැවැති අරගලකාරී තත්වය මත එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.
මෙසේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය ඊයේ උදෑසන 08.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය.

Share This